බල්ලෙක් තන්ගමලේ වත්තේ පවුල් 31 ක දිවි බේරා දෙයි

2744

හපුතලේ තන්ගමලේ වත්ත ඊයේ (20 දා) පෙරවරුවේ විශාල ගිලා බැසීමකට ලක්වීම නිසා එහි වාසය කළ පවුල් 31 ක් එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

උදෑසන 6.00 ට පමණ මෙහි නිවසක සිටි බල්ලකු බුරා ඇති අතර, එම අවස්ථාවේ නිවැසියන් ඒ පිළිබඳ විපරම් කිරීමේදී මෙම ගිලා බැසීම දැක තිබේ.

වතු අධිකාරීවරයා විසින් මේ සම්බන්ධයෙන් ආපදා අංශ දැනුවත් කිරීමෙන් පසුව පවුල් 31 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

එම පවුල්වල පිරිස තන්ගමලේ වතු පාසලේ තාවකාලිකව නතර කිරීමට ආපදා නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම වතු යායේ අංක 10 ලැයිමේ ජනතාව දැනට වසර ගණනාවක සිට වැසි කාලවලදී මෙසේ ඉවත් කරමින් සිටින බව ආපදා නිලධාරීහු සඳහන් කරති.
හපුතලේ – එස්. බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment