ෂෙඩ්වලට ගෙවන කොමිස් මුදල වැඩි කිරීමෙන්  සංස්ථාවට දිනකට  කෝටි 7ක පාඩුවක්

124

ඉන්ධන අලෙවි කිරීමේදී ඉන්ධනහල් හිමියන්ට ලීටරයකට ගෙවන කොමිස් මුදල සියයට 2.5 සිට සියයට 3 දක්වා වැඩි කිරීම නිසා ලබන දෙසැම්බර් වනවිට ඛනිජ තෙල් සංස්ථාවට වැඩිපුර ගෙවීමට සිදුවන මුදල රුපියල් කෝටි 2433 (බිලියන 2.4) යැයි සංස්ථාව ගණන් බලා ඇත.

ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන කොමිස් මුදල වැඩි කිරීමට තෙල් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කිරීමේදී ඉන්ධන මිල වෙනස් වීමේදී කොමිස් මුදල ගෙවීමට උපරිම හා අවම මිලක් පැහැදිලිව ම සඳහන් කර තිබුණත් එය නොතකා දිගට ම සියයට තුනක කොමිස් මුදල ගෙවමින් සිටී.

මෙරට ඉන්ධනහල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලනඥයන්ගේ ඥාතීන් හා සමීපතමයින්ගේ අයිතිය යටතේ තිබෙන බවත් ඊට අමතරව තෙල් සංස්ථාවේ හිටපු හා දැනටත් සිටින ඇතැම් නිලධාරීන්ගේ ඥාතීන්ගේ නමින් තිබෙන බව ද සංස්ථා උසස් නිලධාරියෙක් කීය.

මේ තත්ත්වය හමුවේ තෙල් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයට පටහැනිව යමින් මේ දක්වා තෙල් ලීටරයක් සඳහා සියයට තුනක කොමිස් මුදල ගෙවීම නිසා සංස්ථාවට දිනකට රුපියල් කෝටි 7ක පමණ පාඩුවක් සිදුවේ. ඒ අනුව දැනට සංස්ථාවට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment