බැසිල් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ගම්පහදී යෝජනා සම්මත වෙයි

130

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසිය යුතු බවට ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආසන බලමණ්ඩල හතරකදී ඊයේ (4දා) යෝජනා සම්මත විය.

මිනුවන්ගොඩ, අත්තනගල්ල, මීරිගම හා දොම්පේ ආසන බලමණ්ඩල මෙම යෝජනාව සම්මත කරගත්තේ සූම් තාක්ෂණය ඔස්සේ ආසන බලමණ්ඩල රැුස්වීම් පවත්වමිනි.

ඒ අනුව ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තාක්ෂණය ඔස්සේ ආසන බලමණ්ඩල රැුස්වීමක් පැවැත්වූ පළමු දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙයි. සෞඛ්‍ය උපදෙස් අනුව පුද්ගල ඒකරාශීවීම් සඳහා අවසර නොමැති හෙයින් මෙලෙස සූම් තාක්ෂණය ඔස්සේ ආසන බලමණ්ඩල රැුස්වීම් පවත්වා ඇත. මෙම රැුස්වීම් සඳහා ආසන බලමණ්ඩල නියෝජිතයින් 500 ක් පමණ සජීවීව සහභාගී වී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment