බිරිඳට බනිනවා යැයි මවට අතින් පයින් ගැසූ පුතා අත්අඩංගුවට

150

තම මව බිරිඳට නිතරම බනිනවා යැයි උරණ වී හැටපස් හැවිරිදි තම මවට අතින් පයින් පහර දුන් පුතා ඊයේ (18 දා) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයන්තිපුර පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පෙරේදා (17 දා) රාත්‍රී තම මවට දැඩි ලෙස පහරදී ඇයව හිංසනයට ලක්කර තිබූ අතර ඇය සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

සැකකරු ඊයේ (18 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුමනවීර මහතාගේ මඟපෙන්වීම මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප. කුමාරි, කා.පො.කො. සංජීවනී යන මහත්මීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment