බීමතින් පැමිණි පිරිසක් දියතිත්තවැව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන්ට පහරදීලා

116

හොරොව්පොතාන පොලිස් වසමේ දියතිත්තවැව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වාසය කරමින් සිටි නන්දාලංකාර, අන්ගන්ගොඩ පංඥාවංස යන හිමිවරුන්ට හා ආරණණ්‍ය සේනාසනයෙහි රියදුරු ලෙස කටයුතු කළ හල්වලගමගේ ලිහිනි ගව්තම් යන අයට බීමතින් පැමිණි දියතිත්තවැව, පරංයාවාඩිය, හොරොව්පොතාන ලිපිනයේ පදිංචිව සිටි පිරිසක් විසින් පහරදුන් බව පවසා එම සෙනසුනේ වැඩවාසය කරනු ලබන පඤ්ඤාවංස හිමියන් විසින් හොරොව්පොතාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර පසුව පහරකෑ හිමිවරුන් හා රියදුරු හොරොව්පතාන රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

බීමත්ව සිටි පිරිසක් තම විහරස්ථානයට පැමිණි ඇති අතර එයට විරෝධය පෑමට යාමේදී අධික ලෙස මත්පැන් පානය කර සිටි පිරිස පරුෂ වචනයෙන් බැන ස්වාමිවාහන්සේලා දෙනමකට හා විහාරස්ථානයේ රියදුරුට පහර දුන් බව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයෙහි වැඩවාසය කොට පහරකෑමට ලක්ව හොරොව්පොතනාන රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන නායක ස්වාමින් වහන්සේ අප කළ විමසීමකදී සඳහන් කලේය.

මෙම පහරදීම පිළිබඳ සැකකරුවන් දියතිත්තවැව, පරංයාවාඩිය, හොරොව්පතාන ලිපිනයේ පදිංචි කපුරුහාමිගේ දම්මික හේරත්, එම ලිපිනයේම පදිංචිව සිටින සංජය සරත් විමලරත්න යුද හමුදාවේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණි අයෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සේවය කරන මෙන්ම යුද හමුදාවේ සේවය කරමින් සිටියදී සේවය අතහැර පලා ඇවිත් ඇති අයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇති බවත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු හිමිවරුන් පහරදුන් බව පවසමින් හොරොව්පතාන රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවත් එක් සැකකරුවකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් අප කළ විමසීමකදී හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරාය පැවසීය.

මේ දක්වා කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.
ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment