බූඩිගෙන් ඉන්ටර්නැෂනල් වැඩක්

212

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේනගේ BUDDHI SCHOOL OF ARTS මෙහෙයවන ජාත්‍යන්තර මට්ටමේ සිනමා වැඩමුළුව හෙට සහ අනිද්දා (13, 14) පානදුර බාන්ස් හවුස්හිදී පැවැත්වේ. මාස්ටර් ක්ලාස් (MASTER CLASS) නමින් හඳුන්වන මෙම වැඩමුළුව සඳහා සිනමා අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පෙපේ ඩැන්කෝට් සහභාගිවීමට නියමිතය. ජාත්‍යන්තර මට්ටමේ සිනමා අත්දැකීමක් ලබාගැනීමට මෙය ශ්‍රී ලංකාවේ රඟපෑමට කැමති තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව MASTER CLASS හි නිර්මාතෘ බූඩි කීර්තිසේන මහතා පසුගියදා මාධ්‍ය හමුවක්ද පවසමින් පැවැසීය.

සිනමාවේ, වේදිකාවේ හා ටෙලිනාට්‍ය ශිල්පීන් සඳහා MASTER CLASS හි පැවැත්වෙන මෙම වැඩමුළුවට සහභාගිවීමේ අවස්ථාව ඇත. ප්‍රථම වතාවට ඔස්කාර් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ වැඩමුළුවක් පවත්වන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වාදෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් වන සංගීතා වීරරත්න, මහේන්ද්‍ර පෙරේරා මෙම වැඩමුළුවට සහභාගිවීමට නියමිතය. දින දෙකක් පුරා ස්වභාවදහමේ අපූර්වත්වය කැටිකරගත් බාන්ස් හවුස්හි පැවත්වෙන MASTER CLASS වැඩමුළුවට සහභාගි වන ලෙස බූඩි කීර්තිසේන මහතා ඉල්ලා සිටී.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment