නාමල්ට අධිකරණය දුන් තීන්දුව

2222


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර ඇත.
ඔහු ඇතුළු සියලු විත්තිකරුවන් සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද එම නියෝගය ලබා දී ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව මහතාට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී තිබේ.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment