මහ බැංකු බෝම්බයෙන් යුක්රේන් පුපුරන ද්‍රව්‍ය එළියට

334

සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කරමින් 1997 ජනවාරි 31 දා සිදුවූ කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීම සඳහා ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 50 ක් සහ ආර් ඩී එක්ස් පුපුරණ ද්‍රව්‍ය ටොන් 10 ක් මිලයට ගෙන ඇත්තේ යුක්රේනයේ රුබේයෝන් රසායන කම්හලෙන් බව කැනඩාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් අශෝක වීරසිංහ මහතා හෙළි කර ඇත.

මේ බව අනාවරණය වූයේ වසර 27 කට පසුවයි. මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය මිලයට ගෙන ඇත්තේ කැනඩාවේ වැන්කුවර්හි බැංකුවක ඩොලර් මිලියන 7 ක ගිණුමකිනි.

මේ ගිණුම හිමිකරු ද්‍රවිඩයකු බවද අශෝක වීරසිංහ මහතා තවදුරටත් හෙළිකර ඇත.

එහෙත් කැනඩාවේ ආණ්ඩු අද වනතුරු එම සිද්ධිය ගැන පරික්‍ෂණ පවත්වා නැත.

කොටුවේ බෝම්බ පිපිරීම ප්‍රභාකරන් සිදුකළ බවට තහවුරු වූයේ බෝම්බකරුවන්ට තෑගි කළ තෑගි බෝම්බයේ තිබී පොලිස් ත්‍රස්තමර්දන ඒකකයේ පරීක්‍ෂක නිලාබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තුනක් සොයාගැනීම නිසාය.

වසර 27 කට පසු පුපුරණ ද්‍රව්‍ය සැපයූ යුක්රේන සමාගම ගැන හෙළිවූයේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment