මාර ගසක් කඩා වැටීමෙන් ශ්‍රීපාද මාර්ගයේ ගමනා ගමනයට බාධා

186

දිරාගිය විශාල මාර ගසක් කඩා වැටීමෙන් ඇනහිට තිබු ගිනිගත්හේන නෝටන්බි්‍රජ් ශ්‍රී පාද මාර්ගයේ ගමනා ගමන කටයුතු (07 දා) දින පස්වරු 2.00 සිට යළි යථා තත්ත්වයට පත් කළ බව නෝටන්බි්‍රජ් පොලිසිය පැවසිය.

එම මාර්ගයේ ටැප්ලෝ ප්‍රදේශයෙන් මාර්ගයට ඉහළින් පිහිටා තිබූ මාර ගස (07 දා) දින දහවල් 12.30 ට පමණ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කඩා වැටී තිබිණි. පසුව ප්‍රදේශවාසින් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමනය යළි යථා තත්ත්වයට පත් කර ඇත.

එම මාර්ගයට ගසා කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment