මාලදිවයිනම හඩවා චෙට්ටි‍්‍ර‍ පේලේ අභිබවා යයි

71

13 වන දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියේ තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගැනීමට තිබූ අනගි අවස්ථාව සත්කාරක මාලදිවයින වෙතින් පෙරේදා (13) ගිලිහී ගියේය.

ඒ ඉන්දියාව හමුවේ ගෝල් 03 – 01 ක් ලෙස අනපේක්ෂිත පරාජයකට හිමිකම් කියමිනි. ඒ අනුව දකුණු ආසියාතික පාපන්දු තරග ඉතිහාසයෙහි අවසන් තරගයට වරම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ 12 වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් අවසාන මහා තරගයට වරම් ලබා ගැනීම අරමුණු කර පිටියට පිවිසි මාලදිවයින ට එරෙහිව ප‍්‍රබල ආක‍්‍රමණශීලි ක‍්‍රීඩාවක නිරත වෙමින් මෙම තරගයේ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට ඉන්දියාවට හැකි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වර ශූරයින් වූ මාලදිවයිනේ සියලූම බලාපොරොත්තු සුන් කරමින් මෙවර අවසන් තරගයට වරම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. මෙම තරගයේ වීරයා බවට පත්වෙමින් දකුණු ආසියාවේ සුපිරි පාපන්දු තරුව වන සුනිල් චෙට්ටි‍්‍ර සටහන් කළ ගෝල් ද්විත්වය කැපී පෙණුනි. ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු පිටියේ රැුස්කළ ගෝල් සංඛ්‍යාව 79 දක්වා ඉහළ නංවා ගැනීමට සුනිල් චෙට්ටි‍්‍ර සමත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස පාපන්දු පුරාවෘත්තයක් ලෙස සලකන බ‍්‍රසීලයේ පේලේ විසින් රැුස්කර තිබූ ජාත්‍යන්තර ගෝල් 77 සීමාව ඉක්මවා යාමට සුනිල් චෙට්ටි‍්‍ර‍්‍රි ට හැකිවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment