මාලඹේ තෙමහල් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස මියගොස් සිටි පිරිමි මළ සිරුරක් හමුවෙයි

280

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක බෝඩිම් කාමරයක තිබී දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව මාලබේ පොලීසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව නව නගරය අක්කර 500 අංක 381 හි පදිංචි විජේසූරිය මුදියන්සේලාගේ ප්‍රණීත් මධුෂාන් විජේසූරිය නමැති 28 හැවිරිදී පෞද්ගලික ආයතනයක විදුලි සුපවයිසර්වරයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා වසර අටක පමණ සිට කොළඹ ප්‍රදේශයට පැමිණ බෝඩිමක රැඳී සිටිමින් රැකියාව කර ඇති අතර දින කිහිපයක් සේවයට නොගිය නිසා එහි සේවකයින් පිරිසක් බෝඩිමට පැමිණ තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ පිහිටි කාමරයට ගොස් විපරම් කර තිබේ.

එහෙත් කාමරය වසා තිබූ නිසා ඔහු පිළිබඳව බෝඩිමේ හිමිකරුගෙන් විමසීමේදී ඔහුද කාමරය අසලට ගොස් සොයා බැලීමේදී කාමරය තුළින් අධික දුගඳක් වහනයවීම නිසා සැකසිතී ඒ බව මාලබේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් පැමිණ කාමරයට ගොස් පරීක්ෂා කිරීමේදී මදුරු දැලකින් ආවරණය කරගත් ඇඳක් මත නිදා සිටින අයුරින් මියගිය පුද්ගල මළ සිරුර සොයාගත් බව පැවසේ.

මෙම පුද්ගලයා මීට දින දෙකකට පෙර මවට ඇමතුමක් දී ”‍ අම්මේ..අපි පොලොන්නරුව ඉඩම විකුණලා කොළඹින් ගෙයක් අරගෙන අම්මයි ලොකු අම්මයි ඒ ගෙදරට ගෙනල්ල නවතින්න කැමතියි නේද? ”‍ යනුවෙන් විමසා තිබේ.

ඒ අනුව දින තුනකට පමණ පෙර මෙම පුද්ගලයා මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ අධික ලෙස දුගද හමමින් තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය. ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අයි.ඩී.එච්. රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය වූ ස්ථානයට

නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබුණි.
ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment