මිනිය ගොඩ ගනිද්දී බැකෝ යන්ත්‍රයේ කුල්ල වැදී හිස කඳින් වෙන් වෙලා

113

කරාපිටිය පස් කන්දේ ඛේදවාචකයපස් කන්දට යටවූ අය මියගොස් ඇත්තේ හුස්ම හිරවීමෙන්
පස් කන්දට යටවූ තවත් අයෙක් මියයයි

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ අලු‍තින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැති බැම්මක් ඉදිකරමින් සිටියදී පස් කන්දක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ මරණය වී ඇත්තේ පස් කන්දට යටවී හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

පස් කන්දට යටවී සිටි පුද්ගලයා සොයාගන්නා විටද ඔහු මියගොස් සිට ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර පස් කන්දෙන් ඉවතට ගැනීමේදී බැකෝ යන්ත්‍රයේ කුල්ලේ දැතිවලට හසුවීමෙන් හිස කඳින් වෙන්වී තිබුණි. ඒ වනවිටද මොහු මියගොස් සිට ඇත. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මියගේ අධීක්ෂණය යටතේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි මදුවන්ති ජයසිංහ මහත්මිය විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරනු ලැබීය. පස් කණ්ඩියට යටවීමෙන් මියගොස් ඇත්තේ පිටදුව ගමගේ ප්‍රසංග සංජීව (35) නමැති ඉමදුව වල්පොල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි.

සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා එහි කම්බි කූරු අතුරමින් සිටියදී පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවීමෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගිය අතර තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල, හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

පස් කන්දට යටවූ තවත් අයෙක් මියයයි – ඉතිරි දෙදෙනාත් තවම රෝහලේ

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ අලු‍තින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකරමින් සිටියදී පස් කන්දක් කඩාවැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු ඊයේ (11දා) මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ කොඹලලියනගේ සරත් කුමාර (53) නමැති සිව්දරු පියෙකි. මොහු තලහහේන ඉහලවත්ත ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙකි සිව්දරු පියා කම්කරුවකු ලෙස මෙම වැඩබිමේ සේවය කොට ඇත. මෙම අනතුරෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මියගිය සිව්දරු පියාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (11දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment