මිහින්තලා පුදබිමට ආරක්‍ෂාව දෙන්න – මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ඉල්ලති

46

වහාම මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට ක්‍රියාකරන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඊයේ (18) ඉල්ලීමක් කර සිටියහ.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය මෙන්ම මෙරට සංස්කෘතික පෞඪත්වය ලොවට විදහා දක්වන මෙම පුණ්‍ය භූමිය ථෙරවාදී මහා විහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බවද උන්වහන්සේලා සිහිපත් කරති.

එහි ආරක්‍ෂාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීම දියයුතු බවද එම පුණ්‍ය භූමිය තුළ කෙරෙන සංවර්ධන කටයුතුවලට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය දීම අඛණ්ඩව කරන ලෙසද මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලා තිබේ.
මිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment