මෙරට මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය බිලියන 16564කින් ඉහළට

1506

පසුගිය ජුනි මස අග වන විට ශී‍්‍ර ලංකාවේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 16564.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව මේ වසරේ (2021) මුල සිට ඉකුත් ජුනි මාසය අග දක්වා රු. බිලියන 1447.3 කින් මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ.

මේ වසර (2021) මුලදී පැවැති මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රු. බිලියන 15117.2 ක් වේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් මේ බව අනාවරණය වේ.

මේ අනුව මේ වර්ෂයේ (2021) මුල් මාස හයේදී මුළු දේශීය ණය ප‍්‍රමාණය රු. බිලියන 9065.1 සිට රු. බිලියන 9931.7 ක් දක්වාද එසේම මුළු විදේශ ණය ප‍්‍රමාණය රු. බිලියන 6052.2 සිට රු. බිලියන 6632.8 දක්වාද ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඞ්-19 වසංගතය මගින් රජයේ ආදායම සහ පුනරාවර්තන වියදම් මත ඇතිවූ බලපෑම මධ්‍යයේ බැංකු පද්ධතිය මගින් රජය වෙත ලබාදුන් ශුද්ධ ණය මේ වසරේ (2021) මේ දක්වා කාලයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව පසුගියදා ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේද සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment