මෙහෙදි හසන් ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයට නැහැ

110

ඇඟිල්ලක හට ගත් ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන මෙහෙදි හසන් මිරාස් හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

මේ දිනවල පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේ දී ඔහු මෙම ආබාධයට ලක්ව තිබෙන අතර මෙම ආබාධය නිසා මෙහෙදි හට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

ඒ අනුව මෙහෙදි වෙනුවට 21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන නයීම් හසන් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැඳවීමට තීරණය කර තිබෙන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටී.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙන අතර මෙම ටෙස්ට් තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment