මේ වර්ජනවලට එරෙහිව ජනතාව නැගීසිටිය යුතුයි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

400

අද රටේ සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන දේශපාලන අවශ්‍යතා මත සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවැසීය.

සාමාන්‍යයෙන් වැඩවර්ජන සිදුකරන්නේ හාම්පුතුන්ට එරෙහිව ඉල්ලීම් දිනා ගැනීමට වුවත් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පිරිස් වර්ජන සිදුකරන්නේ රෝගීන්ට එරෙහිව බවද එයට තම සංගමය දැඩි විරෝධය දක්වන බවද බෙල්ලන මහතා කීය.

සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නේද රටේ ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල්වලින් බවත් ඔවුන්ට ගැටලූ තිබේනම් සාකච්ඡුා මාර්ගයෙන් විසඳා නොගෙන රෝගීන් ප‍්‍රාණ ඇපයට ගැනීමට ශිෂ්ටසම්පන්න සමාජයක් අනුමත නොකරන බවත් ඒ මහතා පැවසීය.

වෘත්තීය අරගල ලෙස පෙන්වමින් මේ ගෙන යන්නේ දේශපාලන පක්‍ෂවලට අවශ්‍ය දේ සිදුකිරීම බවත්, දේශපාලන පක්‍ෂ සම්බන්ධ කරගෙන පවතින වෘත්තීය සමිති තහනම් කළ යුතු බවත් කී බෙල්ලන මහතා මෙවැනි කි‍්‍රයාවලට එරෙහිව මහජනතාව එකතුවී කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

මේ වන විට වෘත්තීය සමිති ලෙස පෙනීසිටින ඇතැම් වෘත්තීය සමිති නායකයන් ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට යාම, අමාත්‍යාංශ ලේකම් ධුර ඉල්ලීම වැනි විවිධ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා වෘත්තීය සමිති පාදක කරගත් අවස්ථා සහ පාදක කර ගැනීමට උත්සාහ කළ අවස්ථා උදාහරණ ලෙස පෙන්වා දිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment