යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලට ඇතුළුවීම කොරෝනා එන්නත් කාඞ්පතින්

300

යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ මේ දිනවල පැවැත්වෙන මංගල්‍ය පූජාවන් සඳහා පැමිණෙන බැතිමතුන්ට හෙට(15* සිට කොරෝනා මර්දන එන්නත් කාඞ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය තීරණය කොට තිබේ.

 යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ තීරණයක් මත මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය තීරණය කොට ඇති අතර මෙවර කෝවිලේ පූජාවන් සඳහා එක් වරකට සහභාගී විය හැක්කේ බැතිමතුන් සීයකට වඩා අඩු පිරිසකට පමණකි.

 දිනකට වාර තුන බැගින් මංගල්‍ය පූජාවන් සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් පූජාවෙන් පසුව යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්‍ය හමාර වෙයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment