යොවුන් දියණියකගේ හිස්කෙස් පවසන නීරෝගී බව

252

යොවුන් වියට පත් වූ දියණියකගේ රුව සරසන ප්‍රධාන අංගයක් ලෙස හිසකෙස් හඳුන්වයි.

දිගු වරලසක් ඇතිවීම යනු ඇයගේ නිරෝගී බව ද කියාපාන ලක්‍ෂණයකි. සාමාන්‍යයෙන් කාන්තාවකගේ හිසකෙස් ගසක් අඩි හයක් පමණ දිගුව වර්ධනය වේ.

එසේම දිනපතාම හිසකෙස් ගස් සියයක් පමණ වර්ධනය වන විට විස්සක් පමණ ගැලවී යයි. එසේ ගැලවී යන්නේ මැරුණු සහ දුර්වල කෙස් ගස් ය.

එම ප්‍රමාණයට වඩා හිසකෙස් ගස් ගැලවී යන්නේ නම් එය කිසියම් රෝගී තත්ත්වයක් විය හැකිය. එනම් හෝමෝන අසමතුලිතතාවයක් හිස්හොරි, හෝ විටමින් ඌණතාවක් විය හැකිය.

එනිසා හිසකෙස් අසාමාන්‍ය ලෙස යොවුන් දියණියකගේ හිසින් ගැලවී යයි නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

● හිසකෙස් රැක ගැනීම

යොවුන් දියණියකගේ හිසකෙස් රැක ගැනීම සඳහා දිනපතා සමබල ආහාරවේලක් ගත යුතුය. එසේම දිනකට වරක් හෝ හිස හොඳින් සෝදා ගත යුතුය. දිනපතා උදේ සවස තම ඇඟිලිවලින් හිස සම්බාහනය කිරීම වැදගත් ය.

හිසකෙස් පැහැපත්වීමට සහ දිගුව ශක්තිමත්ව වර්ධනයට ගොටුකොළ, තම්පලා, කව්පි, මුංඇට, කඩල වැනි ආහාර වර්ග ද, වෙරළු, නාරං, අනෝදා, ලාවුළු වැනි පලතුරු වර්ග ද දිනපතා ආහාරයට ගැනීම ගුණදායකය.

හිසකෙස් සඳහා බාහිරින් තෙල් වර්ග ආලේප කිරීමේදී එය පැය 24 කට වඩා හිසමත තැබීම සුදුසු නැත. එය පැය 24 කට පසු හොඳින් සබන් ගා පිරිසිදු කළ යුතුය. එසේ නොවුණහොත් විවිධ දිලීර වර්ග ආසාදනය වී හිසකෙස් වර්ධනය බාල වේ.

advertistmentadvertistment
advertistmentadvertistment