රටම අඳුරු කළ ලංවිම 4කට නීති පියවර

259

විදුලි ඉංජිනේරු සංගමය මගින් ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා ක‍්‍රියාත්මක කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අතරතුර මුළු රටම අඳුරට පත්වීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් සිව් දෙනාට ඉදිරි දිනවල නීතිය ක‍්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩල පාලනාධිකාරියේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (18 දා) දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත. එදින රටපුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධිය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බවට ඇති වූ සැකය මත අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවත් ලංකා විදුලිබල මණ්ඩලයත්, ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමත් වෙන වෙනම පරීක්‍ෂණ සිදුකර තිබේ.

මේ වනවිට විදුලි ඉංජිනේරු සංගමය සාමාන්‍යාධිකාරි තනතුර අල්ලාගෙන යළිත් වෘත්තීය සටනකට අවතීර්ණ වී ඇත්තේ එම වරදට හසුවී සිටින සිව්දෙනා බේරා ගැනීමේ අරමුණින් යැයි පාලනාධිකාරියේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment