ලංකා ප්‍රිමියර් ලීග් සම වූ තරගයේ ජය ගාල්ලට

136

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු සමව සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය දෙවැනි තරගය ලෙසින් ඉතිහාස ගත වුණු පෙරේදා පැවැති දඹුල්ල අවුරා සහ ගෝල් ටයිටෑන්ස් අතර තරගයෙන් දඹුල්ල අවුරා පිල පරදවා ජය වාර්තා කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ටයිටෑන්ස් පිල සමත් වූවේය.

ජයග්‍රහණය සඳහා පන්දු වාරයකට ලකුණු 9 කට වඩා වැඩි වේගයක් රඳවා ගැනීමේ අභියෝගයත් සමඟ පන්දුවට පහර දුන් දඹුල්ල පිතිකරුවෝ පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 180 ක් රැස් කරමින් තරගය සම කර ගත්හ. එහෙත් සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 09 ක් රැස් කරන ලදුව එය හඹා යෑමේදී ගෝල් පිල පන්දු 2 කදී ලකුණු 11 ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

පන්දු යැවීමේදී ලකුණු 27 ක් ලබා දී කඩුලු 3 ක් දවා ගෙන පිත්තෙන්ද, හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 21 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කළ දසුන් ශානක තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment