ලබන 25 තෙක් විදුලි කප්පාදුව පැයයි

120

දෛනික විදුලි කප්පාදුව ලබන 25 වැනිදා තෙක් පැයකට සීමා කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට සිදුවීම නිසා පැයක විදුලි කප්පාදුව සිදු කෙරේ.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි බලාගාර මගින් සියයට 70 කට වැඩි (70.33%) වැඩි ප්‍රමාණයක්ද නොරොච්චෝල බලාගාරයෙන් සියයට 27 කට වැඩි ප්‍රමාණයක්ද (27.23%) සුළං සූර්ය සහ වෙනත් ප්‍රභවයන්ගෙන්ද විදුලිය අවශ්‍යතාව සපුරා ගන්නා බව විදුලිබල මණ්ඩලය පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment