වැට් වැඩි කරන පාර්ලිමේන්තු විවාදය අද

60

විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වී ඇත.එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.අද දිනයේ විවාදයට ගනු ලබන බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින සියයට 15ක වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment