වසර 40කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් ග්‍රීසියේ සංචාරයක

148


වසර 40කට පසු ග්‍රීසියට ගිය පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමේ ගෞරවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට හිමිව ඇත. ඔහු ඉකුත් 25 වැනිදා ග්‍රීසියේ සංචාරයක නිරත විය.එරට අග්‍රාමාත්‍ය කයිරියාකෝස් මිට්සොටාකිස් ගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ග්‍රීසියේ සංචාරයක නිරත විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ග්‍රීසියේ සංචාරය සම්බන්ධයෙන් සඳහන් කළේ මෙය මෙම පැරණි දේශයට සිදුකරන තම පළමු සංචාරය බවයි.දෙරටේ ශිෂ්ටාචාර දෙක අතර සබඳතා සියවස් දෙකකට වඩා වැඩි බවත් වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ බහුත්වවාදය යන හවුල් වටිනාකම් මගින් දෙරටේ සබඳතා ශක්තිමත් වී ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.වෙළෙඳ හා ආයෝජන, ආරක්‍ෂාව, සංස්කෘතික හා මිනිසුන් අතර සම්බන්ධතා වැනි විවිධ අංශවල සහයෝගිතාව දෙරට සමීප කරවමින් සිටින බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.ග්‍රීසියේ සංචාර කිරීමට පෙර අග්‍රාමාත්‍ය මෝදි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාගේ ආරාධනයකට අනුව බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා අගෝස්තු 22 සිට 24 දක්වා දකුණු අප්‍රිකානු නගරයට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment