අයි. එම්. එෆ්. යන්න පැරිස් සහතිකය ලැබෙයි

91

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අදාළ පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය එම සමාජය නියෝජනය කරන ණය හිමි රටවල් විසින් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය සහ යෝජිත විස්තීරණ මුදල් පහසුකමට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හිඟය පියවීමට සියලු ණය හිමියන්ගේ ණය සහතිකයක අවශ්‍යතාව ඔවුන් අවධානයට ලක්කර ඇත. මේ පිළිබඳව ණය හිමි රටවල් නියෝජනය කරන පැරිස් සාමාජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ද දැනුවත් කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment