ලැන්කැෂයර් ප්‍රාන්තායේ බාළකයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

119

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනකු ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටිති.

ඔවුන් කොළඹ පැවැත්වෙන එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 කට සහ ගාල්ල සහ කොළඹ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 කට සහභාගී වීමට නියමිතය.

මෙම ක්‍රිකට් කණ්ඩායම තුළ දක්ෂ ආරම්භක පිතිකරුවන්, වේග පන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් රාශියක් සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තණතීරුවල ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීම සඳහා මෙසේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන බව මෙම කණ්ඩායමේ පුහුණුකරු, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අමල් දළුගොඩ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

මෙම ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස ලූක් යේට්ස් කටයුතු කරනු ලබයි.

මෙම ලැන්කැෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (01 වැනිදා) දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment