වයඹදිග පාකිස්තානයේ පිපිරීමකින් පහක් මරුට

112

වයඹදිග පාකිස්තානයේ ඊයේ (08දා) උදෑසන පැවති පෝලියෝ එන්නත්කරණ වැඩසටහනක් අතරතුර සිදු වූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරීන් පස් දෙනකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 24ක් පමණ දෙනා තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඇෆ්ගනිස්ථානයට යාබදව පිහිටි බජාවුර් දිස්ත්‍රික්කයේ පැවති පෝලියෝ එන්නත්කරණ සායනයක් අතරතුර සිදුව ඇති මෙම පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වී තිබේ.

ඊයේ දහවල් වන විටද මෙම පිපිරීමේ වගකීම කිසිවකු විසින් භාරගෙන නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment