ව්‍යාපාරවලට බාධකය පොළී අනුපාතය නොව ඉහළ උද්ධමනය- මහ බැංකු අධිපති

143

ව්‍යාපාර කටයුතු කිරීමට තිබෙන බාධකය පොළී අනුපාතය නොව ඉහළ උද්ධමනය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘දිවයින’ට කීවේය.

අමුද්‍රව්‍ය මිල වැඩියි. ශ්‍රම පිරිවැය වැඩියි. ප්‍රවාහන වියදම් වැඩියි. විදුලි බිල වැඩියි. මේ ආදී සියලු දේ වැඩි වෙන්නේ උද්ධමනය නිසා බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. යම්කිසි නිෂ්පාදනයක හෝ කර්මාන්තයක නිෂ්පාදන වියදමෙන් මූල්‍යමය පිරිවැය සියයට 10කට වඩා අඩු බව ද සියයට 90කට වඩා තිබෙන්නේ අනෙකුත් නිෂ්පාදන පිරිවැය බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

මේ උද්ධමනය නිසා ඉහළ යන අනෙකුත් පිරිවැය පාලනය කිරීමෙන් තමයි ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉදිරියේදී උද්ධමනය අඩුවීමත් සමඟ පොලී අනුපාත ද අඩුවී යාහැකි බව ද ඔහු තවදුරටත් ‘දිවයින’ට කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment