වැට් බදු අඩු කරන බව ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

232

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද පැවසු ජනාධිපතිවරයා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියේය.2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යයි පිබිදීම ඇරඹුන බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව 2024 වසරේ දී සියයට 2%-3% ක් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති බවත් කීවේය.2022වසරට වඩා 2023 වසරේ දී රාජ්‍ය ආදායම සියයට 50%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකිවූ බවත් ඒ අනුව රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් පුරා ගෙවීමට නොහැකි වූ සියලූ හිග මුදල් ගෙවා අවසන් කළ බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment