වැලන්ස් මෙන්ඩිස් පියතුමා මහනුවර නව රදගුරු ලෙස පත්කෙරේ

291

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන් මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කර ඇත. උන්වහන්සේ එම පදවියට අමතරව හලාවත පදවි අපෝස්තලික පරිපාලක රදගුරු ලෙසද පත්කර ඇති බව ශ‍්‍රී ලංකා වතිකානු අපෝස්තලික තානාපති බ‍්‍රයන් උඩන්වේ පියතුමා නිවේදනය කර තිබේ.

 මහනුවර පදවියේ සුවිශේෂී දීර්ඝ සේවාවක් කළ වියානි ප‍්‍රනාන්දු රදගුරුතුමන් වෙත එමගින් ප‍්‍රණාමයද පුද කර ඇති බව කතෝලික රදගුරු මණ්ඩලයේ ජාතික ජන මාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්‍ෂ ලාල් පුෂ්පදේව පියතුමා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment