විපක්‍ෂයෙන් මැතිසබයේ ඝෝෂා – දෙවරක් සභාව කල්තබයි

214

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් අතර ඊයේ (06දා) දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂයේ විරෝධතා හේතුවෙන් රැුස්වීම් කටයුතු අවස්ථා දෙකකදී අතරමග නවත්වා කථානායකවරයාට අසුනින් ඉවත්ව යෑමට ද සිදු විය.

ඊයේ පෙරවරුවේ සමගි ජන බලවේගය මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවට එරෙහිව ආවේගශීලී කථාවක් කිරීම හේතුවෙන් ප‍්‍රථම වරට පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10 කට කල් දමනු ලැබීය.

පසුව විපක්ෂය විවධ පුවරු ප‍්‍රදර්ශනය කරමින් ‘ගෝඨා ගෝ හෝම්, බැසිල් – බැසිල් කාක් කාක්’ ආදී විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වීම හේතුවෙන් රැුස්වීම් කටයුතු නවතා දැමීමට සිදු විය.

ඊයේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරුද එකිනෙකාට මෙන්ම පක්ෂවලට ද විරුද්ධව ඉතා ආවේගශීලී ලෙස සහ වේගවත්ව අදහස් දක්වනු දක්නට ලැබිණි. සමගි ජන බලවේගය මන්තී‍්‍රවරු ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරුද්ධව දැඩි වාග් ප‍්‍රහාර එල්ල කළහ.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කතා කරමින් සිටියදී සමඟි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු එලෙස විවිධ සටන් පාඨ කියමින්, පුවරු ප‍්‍රදර්ශනය කරමින් සභා ගර්භය මැදට ගොස් විරෝධය පාන්නට වූහ. එහෙත් බන්දුල ගුණවර්ධන මහතා සිය කතාව සිදුකරගෙන ගියේය. ගුණවර්ධන මහතා අසලට ගොස් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පුවරු ප‍්‍රදර්ශනය කිරීමත් සමඟම ඒ අසලට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු ඊට විරෝධය පෑහ. ඒ සමඟම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මිලාන් ජයතිලක මහතා සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා අතර උණුසුම් වචන හුවමාරුවත් සමඟ ගැටුම්කාරීත්වයක් දක්නට ලැබිණි. ඊට මැදිහත් වූ දෙපාර්ශවයේම මන්ත‍්‍රීවරු ඔවුන් දෙදෙනා දෙපැත්තට කරමින් ගැටුම සමථයකට පත් කිරීමට කටයුතු කළහ. ඉන් අනතුරුව නැවත වතාවක් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයකු අතර ගැටුමක් ඇතිවීමට ගිය අතර එයද දෙපාර්ශවයේ මන්ත‍්‍රීවරුන් එක්ව සමථයකට පත් කළහ. ඉන් නොනැවතුණු සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරුන් විරෝධය පෑම දිගටම කරගෙන යෑමත් සමඟම කථානායකවරයා විනාඩි 10කට සභාව කල් තැබීය. එහෙත් විපක්ෂයේ මන්ත‍්‍රීවරු ටික වේලාවක් විරෝධය පා එය අවසන් කළහ.

විරෝධය අවසන් වීමත් සමඟම මිලාන් ජයතිලක මන්ත‍්‍රීවරයා මුජුබර් රහුමාන් මන්ත‍්‍රීවරයා අසලට පැමිණි අතට අතදෙනු දක්නට ලැබිණි. මෙම උද්ඝෝෂණයට විරුද්ධ පක්ෂය නියෝජනය කළ අනෙක් පක්ෂවල මන්ත‍්‍රීවරු කිසිවකු සහභාගි නොවුණු අතර නැවත පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන තෙක් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් තැන් තැන්වලට වී සුහද සාමිචියේ යෙදෙන අයුරුද දක්නට ලැබිණි.

අකිත පෙරේා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment