විහාරමහාදේවි උයන යළි කොළඹ නගර සභාවට

286

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වන වගන්තියට අනුව නවීකරණය කරන ලද විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 වසරේ දී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගනු ලැබීය.ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේ දී විවෘත කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment