ශ්‍රී ලංකාවට කුඩු ගෙනා ඉරාන ජාතිකයෝ 9 දෙනා දිවි ඇති තෙක් හිරේ

94

ඉරානයේ හිරගෙදරට යවන්නත් නියෝග

මෙයට වසර හතරකට පමණ පෙර ධීවර යාත්‍රාවක් මගින් ශ්‍රී ලංකාවට හෙරොයින් තොගයක් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ ඉරාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (12දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 83ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ පවරා තිබූ එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් එකී චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු එකී චෝදනාවලට වරදකරුවන් බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.

ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර ගිවිසුම් අනුව එම විත්තිකරුවන්ට තම අධිකරණය නියම කළ සිරදඬුවම් ඔවුන්ගේ මවුබිම තුළදී ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදුන් අධිකරණය ඔවුන් වහාම ඉරානයට පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද නියම කළේය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර මහාධිකරණ භාෂණ පරිවර්තක මොහොම්මදු සුලෙයිමාන් යාසිර් මහතා දඬුවම් කියවා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment