ශ‍්‍රී ලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක්!

327

2021 පරිභෝජනය කළ සිගරැට්වලින් 21% හොර ඒවා

නීත්‍යානුකූල දුම්වැටිවල අධික මිල නිසා මෙන්ම දේශසීමා පාලනයේ පවතින නෛතික රාමුව තුළ ඇති දුර්වලතා නිසා ශ‍්‍රී ලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි පර්යේෂණ බුද්ධි ඒකකය විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ.

ක‍්‍රය ශක්ති සාම්‍යයට අනුව 2020 දුම්වැටි මිලදී ගැනීම සඳහා ලෝකයේ වඩාත්ම මිල අධික රට

ශ‍්‍රී ලංකාව වන අතර ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළෙඳාමේ ප‍්‍රමුඛ ඉලක්කයක් බවටද ශ‍්‍රී ලංකාව පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිදරව් කර ඇති බවත් එම සමීක්‍ෂණයෙන් පෙන්වා දෙයි.

දුම්වැටි බදුකරණයේ ආර්ථික පැතිකඩ පිළිබඳ සිය නවතම වාර්තාව 2022 ජනවාරි මස එළිදක්වමින් පර්යේෂණ බුද්ධි ඒකකය මේ බව සඳහන් කරයි.

නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සමස්ත දුම්කොළ වෙළෙඳපොළේ ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා දුම්වැටි

පාරිභෝගිකයන් සහ සිල්ලර වෙළෙන්දන් සම්මුඛව පවත්වන ලද ප‍්‍රාථමික සමීක්‍ෂණයක මුලික ප‍්‍රතිඵල මෙම වාර්තාවේ ඇතුළත් වන අතර නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළ මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට හා දේශීය ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් පර්යේෂණ බුද්ධි ඒකකය මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ.

පර්යේෂණ බුද්ධි ඒකකයෙහි නවතම වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ 2021 ශ‍්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන ලද සිගරට්වලින් සියයට 21 ක් නීති විරෝධී බවයි.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment