ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 09ක ජයක්

278


සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 120ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.දිමුත් කරුණාරත්න නොදැවී 56 ,කුසල් මෙන්ඩිස් නොදැවී 11, පැතුම් නිස්සංක 51යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 09ක ජයක් හිමි විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේද ජය හිමි කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment