ශී‍්‍ර ලංකා – ඉන්දියා දෙවැනි විස්සයි විස්ස අදට කල් යයි… කෘනාල් පාණ්ඩ්‍යාට කොවිඞ්… කී‍්‍රඩකයෝ 7ක් නිරෝධායනයට

149

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (27 දා* පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගය ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක කෘනාල් පාණ්ඩ්‍යා හට කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද (28 දා* දින දක්වා කල් තැබිණි.
 
 දෙරට අතර තරග 3 කින් යුත් පන්දුවාර 20-20 තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (27 දා* රාති‍්‍ර 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබියදී තරගය ආරම්භයට පෙර ඊයේ උදෑසන සිදුකරන ලද ක්‍ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්‍ෂණයකදී කෘනාල් පාණ්ඩ්‍යා හට කොවිඞ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
 
 ඒ අනුව තරගය අද (28 දා* දින දක්වා කල් තැබීමට බලධාරීන් කටයුතු කළ අතර පාණ්ඩ්‍යා සහ සමීපව කටයුතු කළ කී‍්‍රඩකයන් 8 දෙනකුද හඳුනාගෙන තිබේ. ඔවුන් සියලූ දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇත.
 
 ඒ අනුව ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ සියලූ දෙනා නැවත ප‍්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා ඊයේ (27 දා* සවස යොමුකර ඇත. එම පරීක්‍ෂණවලට අමතරව අද දිනයේද ඔවුන් ප‍්‍රතිදේහ පරීක්‍ෂණවලට යොමු කිරීමට නියමිතව ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර පාණ්ඩ්‍යා හට කොවිඞ් වැළඳීම හේතුවෙන් දෙවැනි තරගය අද දක්වා කල් තැබූ අතර අවසන් තරගය හෙට (29 වැනිදා* පැවැත්වීමට නියමිතය.
 
 දෙවැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී රාති‍්‍ර 8.00 ට තරග ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් දෙවැනි තරගය අද (28 වැනිදා* දක්වා කල් තැබුවද අද උදෑසන සිදුකෙරෙන ප‍්‍රතිදේහ පරීක්‍ෂණවල ප‍්‍රතිඵල මත තරගය පවත්වනවාද නැද්ද යන්න මෙන්ම තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා විය.
 
– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment