ශූරයා ඩිරේන් හැමර් ශූරිය ඔනෙලී ලෙහන්සා – බස්නාහිර පළාත් මේස පන්දු තරගාවලිය

187

බස්නාහිර පළාත් මේස පන්දු  තරගාවලියේ විවෘත කේවල ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද ‘නෝර්ටන් පෙරේරා අභියෝග කුසලාන’ ට හිමිකම් කියන්නට කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ ඩිරේන් හැමර් සමත් විය.

කොළඹ මියුසියස් විද්‍යාලය නියෝජනය කළ ඔනෙලී ලෙහන්සා ට මෙවර කාන්තා කේවල ශූරතාව හිමි වූ අතර ඇයට ‘අයිරාංගනී පෙරේරා අභියෝග කුසලාන’ හිමි විය. විවෘත අංශයේ පිරිමි සහ කාන්තා අනු ශූරතා පිළිවෙළින්

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන ට සහ කොළඹ මියුසියස් විදුහලේ සදින්තී ජයසිංහ ට හිමි විය.

කොළඹ පිංපොං ඇකඩමිය හා එක්ව බස්නාහිර පළාත් මේස පන්දු සංගමය විසින් බණ්ඩාරගම පිහිටි ශ‍්‍රී ලංකා මේස පන්දු පුහුණු මධ්‍යස්ථාන ක‍්‍රීඩාගාරයේ දී තරගාවලිය පැවැත්විණි.

ඒ ඒ වයස් සීමාවන් යටතේ ශූරයා හෝ ශූරිය අංක 01 යටතේ ද අනු ශූරයා හෝ අනු ශූරිය අංක 02 යටතේ ද පිළිවෙළින් පහත දැක්වේ.

අවුරුදු 09 න් පහළ බාලිකා කේවල

01. ගම්පහ සුමේධ විද්‍යාලයේ සිතුකි සිනෙල්යා

02. මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ සනුතී වීරසිංහ

(04/11, 11/07,11/07*

අවුරුදු 09 න් පහළ බාලක කේවල

01. කොළඹ ඉසිපතන විද්‍යාලයේ කෙනුර සිල්වා

02. කොළඹ රාජකීය විද්‍යාලයේ අනුසාර ජයවර්ධන (11/04, 11/06*

අවුරුදු 11 න් පහළ බාලිකා කේවල

01. බෝපිටිය ලොයෝලා විද්‍යාලයේ හංසි මලීෂා

02. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ රිසලී සේනානායක (12/10, 04/11, 13/11*

අවුරුදු 11 න් පහළ පිරිමි කේවල

01. කොළඹ රාජකීය විද්‍යාලයේ ආහිල් නබීල්

02. කොළඹ ආනන්ද විද්‍යාලයේ රුසත් වික‍්‍රමසිංහ (11/09, 11/08*

අවුරුදු 13 න් පහළ බාලිකා කේවල

01. කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්තී ජයසිංහ

02. කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහලේ නදුනි අනුප‍්‍රියා

(11/02,11/05*

අවුරුදු 13 න් පහළ පිරිමි කේවල

01. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන

02. දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ ආකේන් සුරංග (11/04, 11/05*

අවුරුදු 15 න් පහළ බාලිකා කේවල

01. කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්ති ජයසිංහ

02. කොළඹ කාන්තා විද්‍යාලයේ මින්නා හසීම් (04/11, 12/10, 11/07*

අවුරුදු 15 න් පහළ පිරිමි කේවල

01. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන

02. කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසුම් ගමගේ (12/10, 09/11, 11/05*

අවුරුදු 17 න් පහළ බාලිකා කේවල

01. කොළඹ මියුසියස් විද්‍යාලයේ ඔනෙලි ලෙහන්සා

02. කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්ති ජයසිංහ (11/07, 11/07*

අවුරුදු 17 න් පහළ පිරිමි කේවල

01. කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිරාන් හැමර්

02. කොළඹ ආනන්ද විද්‍යාලයේ සාලූක මතීෂ පේ‍්‍රමචන්ද්‍ර

(07/11, 11/07, 11/04*

අවුරුදු 19 න් පහළ බාලිකා කේවල

01. කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහලේ තරින්දී තමාෂා පෙරේරා

02. කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහලේ මිනාදී සවිදුලා

(11/08, 11/09*

අවුරුදු 19 න් පහළ පිරිමි කේවල

01. කොළඹ රාජකීය විද්‍යාලයේ විහඳු කෑරගල

02. කොළඹ රාජකීය විද්‍යාලයේ විනුග කෑරගල (10/12, 11/06, 11/05*

කාන්තා කේවල විවෘත

01. කොළඹ මියුසියස් විද්‍යාලයේ ඔනෙලි ලෙහන්සා

02. කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහලේ මිනාදී සවිදුලා

(11/06, 06/11, 11/08*

පිරිමි කේවල විවෘත

01. කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිරාන් හැමර්

02. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන  (11/08, 11/07)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment