ශ‍්‍රී ලංකා ‘ඒ’ සහ පාකිස්තානු ‘ඒ’ අතර සිව්දින සහ එක්දින තරගාවලියක්…. ප‍්‍රධාන පුහුණුකරු තනතුරට රුමේෂ් රත්නායක

130

ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම ලබන මස 21 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මෙම තරගාවලිය යටතේ සිව්දින තරග 2 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වෙනු ඇත.

ජෛව බුබුලූ පරිසරයක් යටතේ ක‍්‍රියාත්මක වන මෙම තරගාවලියේ පළමු සිව්දින තරගය ඔක්තෝබර් මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවරදී පැවැත්වේ. දෙවැනි තරගය නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය නොවැම්බර් 10 වැනිදා ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් වතාවට බංග්ලාදේශය ‘ඒ’ පිලට එරෙහිව 2019 වසරේ ඔක්තෝබර් මසදී තරග වැදුණි. එම තරගාවලියෙන් වසර 2 කට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු පාකිස්තානයට එරෙහි තරගාවලිය පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා ඒ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට හිටපු ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක රුමේෂ් රත්නායක මහතා පත්කර ඇත.

රුමේෂ් රත්නායක මහතා

ශී‍්‍ර ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස ද, ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කර ඇත.

ශී‍්‍ර ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 23 කට සහ එක්දින තරග 70 කට රුමේෂ් රත්නායක මහතා කී‍්‍රඩා කර තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment