සන්ධිගත පොතුකබර රෝගය සුවයට හෝමියෝපති ප්‍රතිකාරය

132

ඉතා පීඩාකාරී රෝගී තත්ත්වයක් වන සන්ධිගත පොතුකබර ((Psorisic Artheritis)) අද සමාජයේ බොහෝදුරට දක්නට ලැබේ. මේ වන විට 30% කට ආසන්න පිරිසක් මෙම රෝගයට ගොදුරුවී ඇති අතර එය ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණ (Auto Immuine) කාණ්ඩයට අයත් රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැක.

● ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණය :(Auto Immuine)

යම් හේතුසාධක මත ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇතිවන අසමතුලිතතාවය නිසා අධික්‍රියාකාරී වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය නීරෝගි සෛලවලට පහරදීම ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණය :(Auto Immuine) වේ. පුළුල් පරාසයක ශරීර කොටස්වලට බලපාන ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ග 80 කට වඩා තිබේ. පහරදීම සිදුවන ස්ථානය අනුව විවිධාකාර නම්වලින් ඒවා හඳුන්වනු ලැබේ. සම හා සන්ධි ප්‍රහාරයට ලක්වීම සන්ධිගත පොතුකබර රෝගය (Psoriatic Arthritis) වේ.

● සම ප්‍රදාහයට ලක්වීම (පොතුකබර)

මෙහිදී අධික්‍රියාකාරී වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම මත ඇතිකරන අපිචර්මිය සෛල විභාජනය වේගවත් කරනු ඇත. සාමාන්‍ය පුද්ගලයකුගේ සම යට ඇති සෛලයන් සම මතුපිටට ඒමට දින 28ක් ගතවන අතර ප්‍රදාහයට ලක්වූ විට දින 3-10 අතර සෛල විභාජනය වේගවත් වී සෛල, සෛල මතුපිට ස්ථරයට පැමිණෙනු ඇත. එය සම මතුපිට ඝනව දැකිය හැකි අතර පොතු ගැළවී යෑම දැකිය හැක. මෙයද එකිනෙකාගේ ශරීරවලට අපේක්ෂිතව වර්ග කිහිපයක් දැකිය හැක.

● සම මතුපිට පැතිරුණු පොතුකබර රෝගය (Plaque Psoriasis)

● මෙය පොදුවේ දැකිය හැකිය. රතුපාට සම හා සිල්වර් පාට පොතු දැකිය හැක.

ඉකිලි, කිහිලි යට පැතිරුණු පොතුකබර රෝගය (Inverse psoriasis)

● සම්පූර්ණයෙන් නොපෙනෙන ස්ථානවල සමෙහි දිලිසෙන රතුපැහැතිව දැකිය හැක.

● සැරව ගෙඩි සහිත පොතුකබර රෝගය (Pustular psoriasis)

● මෙය සම මතුපිට පුංචි සැරව බිබිලි ආකාරයට දැකිය හැක.

මේ ආකාරයට හිස මතද, නියපොතු මතද සිරුර පුරා පැතිරෙන exfoliative dermatitis ලෙසද, දීර්ඝකාලීනව ගන්නා ඖෂධ නිසා ඇතිවන Erythrodermic psoriasis ලෙසද වර්ග දැකිය හැක. සම මතුපිට රත් පැහැති බිබිලි මතුවීම ක්‍රමයෙන් විශාල වෙමින් රිදී පාට පොතු ඝන තත්ත්වයට පත්වී ගැළවියෑම, කැසීම, දැවිල්ල, වේදනාව විශේෂ රෝග ලක්ෂණ ලෙස දැකිය හැක.

● සන්ධි ප්‍රදාහය (ආතරයිටිස්)

අධික්‍රියාකාරී වන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සන්ධි මත ප්‍රහාර එල්ල කිරීමේදී සන්ධි ප්‍රදාහයට ලක්වීම සිදුවනු ඇත.

● අත්වල කකුල්වල ඇඟිලි සොසේජස් කරල් ආකාරයට ඉදිමීම (Dactylitis)

● නියපොතු දුර්වර්ණ වී ඝනකම් වී කැඩෙන සුළු වීම.

● විලුබ පිටුපස වේදනාව යටිපතුල, මැණික් කටුව, ඇඟිලි ඇදවීම හා වේදනාව.

● බෙල්ල, කොන්ද, කශේරුකා සන්ධි හා ශරීරයේ එක පැත්තක සන්ධිවල ඇතිකරන වේදනාව, ඉදිමුම (oligo artheritis) ලෙසද,

● ශරීරය පුරා ඇතිවන සන්ධිගත ප්‍රදාහ

(Polyarthritis) ද ඇතිවීම සිදුවනු ඇත.

● සන්ධිගත පොතුකබර (Psoriatic Arthritis) ඇතිවීමට බලපාන හේතුසාධක

විටමින් D ප්‍රශස්ථ මට්ටමක පවත්වා නොගැනීම

විශේෂයෙන්ම විටමින් D ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් වේ. විටමින් D අවම මට්ටමකදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහසුවෙන් ස්වයං ක්‍රියාකාරිත්වය (trigger)ඇතිවීමට පුළුවන. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ධාරිතාවයකින් පවත්වාගැනීමට විටමින් D අත්‍යාවශ්‍ය වේ.

● ජීරණ පද්ධතිය නිරෝගීව තබා නොගැනීම.

අර්ධ ලෙස ජීරණය වූ සියලු ආහාර කොටස් ආන්ත්‍රික බිත්ති හරහා රුධිරයට මිශ්‍ර වීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වයං ක්‍රියාකාරී වීම සිදුවේ. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට ජීරණ ක්‍රියාවලිය හොඳින් පැවතීම ඉතා වැදගත්ය.

● රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර භාවිතා කිරීම.

ආහාරබෝග සඳහා භාවිතා කරන කෘෂි රසායන ද්‍රව්‍ය/ විවිධ රසකාරක ආහාර/ආහාර කල්තබා ගැනීමට භාවිතා කරන ක්‍රම/බැර ලෝහ අඩංගු ආලේපන භාවිතය/ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇතිකරයි.

● මානසික ආතතිය

ආතතිය නිසා ශරීරයේ ඇතිවන රසායනික වෙනස්කම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ධාරිතාව බිඳවැටීමට හේතුවන බව සොයාගෙන තිබේ.

● ප්‍රමාණවත් නින්දක් නොමැතිකම

අධිකව නිදිමැරීම, අධිකව වෙහෙසට පත්වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසරණ වීමට හේතුවේ. එවැනි අවස්ථාවනවලදී මෙවැනි රෝග ඇතිවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වයං ක්‍රියාකාරී වේ.

● හෝමෝන අසමතුලිතතාවය

විශේෂයෙන් කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ අසමතුලිතතාවය නිසා ස්වයං ප්‍රතිශක්තිකරණය ඇතිවේ. එය කාන්තාවන්ට මෙවැනි රෝග ඇතිවීමට විශේෂ හේතුවක් වේ.

ප්‍රමාණවත් ව්‍යායාම් නොමැතිකම හා සමබර පෝෂණය නොමැතිකම, ග්ලුටන්, කිරි ආහාර හා ආසාත්මිකතා ඇතිකරන ඉස්සන්, දැල්ලන්, රතු මස් අධිකව භාවිතය, ජානමය සාධක, වියළි සමක් පැවතීම, ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම, අක්මාවේ තෙල් අධික වීම, දේහ උෂ්ණත්වය අධික වීම, අධික තෙල් හා මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය, අගුන ඖෂධ වර්ග ගැනීම. (උදා-රුධිර පීඩනයට දෙන ඖෂධ Lithium වැනි ඖෂධ මෙවැනි හේතු සාධක ගැන සැලකිලිමත්වීම මඟින් (Auto Immuine) රෝගී තත්ත්වවලට ගොදුරුවීම වළක්වාගත හැක.

● පොතුකබර රෝගය සඳහා බාහිරව ලබාදෙන ප්‍රතිකාර

මෙම රෝගයේ යථාර්තමය සුවය සඳහා බාහිර අලේපනයට හෝමියෝපති ඖෂධීය ගුණයෙන් යුත් අතුරු ආබාධ නොමැති ප්‍රමිතිකරණයට අනුකූලව නිෂ්පාදනය කරන අලේපන ලබාදෙනු ලැබේ.

  1. සම මත ආලේප කිරීමට – Psoriasic Dermo Cure Ointment
  2. හිස්කබල සේදීමට – Psoriasic Dermo Cure Shampoo
  3. මුහුණ හා ශරීරය සේදීමට – Psoriasic Dermo Cure Body Wash
  4. හිස්කබලේ ගැල්වීමට Psoriasic Dermo Cure hair Spray
  5. Psoriasis නියපොතු සඳහා – – Anti-Fungal nail Drops
  6. සන්ධිවල අලේප කිරීමට – Artheritic Cure Ointment Varicose Cure Ointment

යන සියලු ආලේපනවල අන්තර්ගත ඖෂධ සම තුළත් අදාළ ස්ථානයෙහි ප්‍රදාහ තත්ත්වය නැතිකර නැවත යථා තත්ත්වයට ගෙන ඒමට එනම් පූර්ණ සුවයට පත්වීම වේගවත් කරනු ඇත.

මෙම සෑම ප්‍රතිකාරයක් තුළින්ම වේදනා නාශක නොමැතිව වේදනාව නැතිවී යෑම, දැවිල්ල නැතිවී යෑම, ලප කැලැල් මැකී යෑම, සන්ධි යථා තත්ත්වයට පත්වීම අභ්‍යන්තරයෙන් හා බාහිරයෙන් සිදුකරන ප්‍රතිකාර රෝගියාගේ පූර්ණ සුවය සිදුවීමේ ක්‍රියාවලිය වේගවත්ව වීමට හේතුවනු ඇත.

එමෙන්ම රෝගය ගැන අවබෝධය, ප්‍රතිකාර ක්‍රමය ගැන අවබෝධය, අහිතකර ආහාර නොගැනීම, ඉවසීම, විශ්වාසය, විශේෂයෙන් රෝගියාගෙන් රෝගී තත්ත්වයට ලැබෙන සත්කාරයද පූර්ණ හා ඉක්මන් සුවයට ඉවහල් වනු ඇත.

මෙහිදී රෝග ලක්ෂණ මෙන්ම ශරීරයේ රසායනික සංයෝගවල වෙනස්වීම් පරීක්ෂාවට ලක්කිරීමද සිදු කරමින් (Vitamin D,CRP,FBC,Rh.Factor,ESR,ANA,Anti CCP) අදාළ හෝමියෝපති ප්‍රතිකාර රෝගයට නොව රෝගියාට ලබාදීම සිදුකරයි. රෝගියාගේ මානසික සුවය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගනු ලබයි. කිසිදු අතුරු අබාධයකින් තොරව අලංකාරවත් සිරුරක් හා නිරෝගීමත් සිරුරක් හිමි පුද්ගලයකු ලෙස නැවත ඔබව නඟාසිටුවීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ විශ්මිත භාවයේ උරුමය වනු ඇත.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112 637740 අමතා ලබාගත හැකිය.

සන්ධිගත පොතුකබර රෝගය සුවයට හෝමියෝපති ප්‍රතිකාරය

වෛද්‍ය අනුෂා හේමකුමාර
එච්. කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්, නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත,
කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment