සපුගස්කන්දේ සේවකයන් කොටසක් නිවෙස්වල තබා වැටුප් පමණක් ගෙවන්න: ගිණුම් අංශය ඉහළින් ඉල්ලයි

188

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණත් එහි සේවකයන්ට වැටුප් හා වේතන වෙනුවෙන් මසකට රුපියල් කෝටි පහළොවක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන නිසා සේවකයන්ගෙන් කොටසක් නිවසේ නවතා ඔවුනට වැටුප් පමණක් ගෙවීමට පියවර ගන්නා ලෙස ගිණුම් අංශය ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

පිරිපහදු පරිශ‍්‍රයේ සේවය කරන 1300 ක් පමණ වන සේවකයන්ට අතිකාල හා අනෙකුත් දීමනා සඳහා මසකට රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වැයවන බවත් සේවකයන්ගෙන් කොටසක් නිවසේ නවතා දමා ඔවුනට වැටුප් ගෙවා දැමුවත් අතිකාල හා අනෙකුත් දීමනා අඩු කිරීමෙන් රුපියල් කෝටි ගණනක් ඉතිරි කරගත හැකි බවත් ගිණුම් අංශයේ නිලධාරීන් පෙන්වාදී ඇත.

මේ වන විට තෙල් සංස්ථාව බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර සේවකයන්ට වැටුප් ගෙවීම් කරන්නේද රාජ්‍ය බැංකුවලින් ලබා ගන්නා ණය මුදල්වලින් බව හෙළිවී ඇත.

බොර තෙල් ආනයනයට ඩොලර් නොමැති නිසා දෙවරක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නතර කර දැමූ අතර යම්කිසි ඩොලර් ප‍්‍රමාණයක් සොයාගෙන යළි බොරතෙල් ගෙන්වුවත් තුන්වැනි වරටත් එය වසා දැමීමට සිදුවන බව සපුගස්කන්ද පිරිපහදුවේ ප‍්‍රධානීහු පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment