සමස්ත ලංකා අපේක්ෂා සමාජ සංවිධානයේ පළමු සංවත්සරයේදී 125 දෙනකුට සම්මාන

46

ඓතිහාසික උරුමය සුරැකීමේ සංවිධානයට අනුබද්ධ සමස්ත ලංකා අපේක්ෂා සමාජ සංවිධානයේ පළමු සංවත්සරය 25 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ නව කලාගාරයේදී පැවැත්විණි. එහිදී කලාකරුවන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් 125 දෙනකුට සම්මාන සහතික ප්‍රදානය කිරීමක් ද සිදුවිණි.

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මිය හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා අතින් සම්මාන ලබා ගත් අයුරු මෙහි දැක්වෙයි.

සමස්ත ලංකා අපේක්ෂා සමාජ සංවිධානයේ පළමු සංවත්සරයේදී 125 දෙනකුට සම්මාන

සමස්ත ලංකා අපේක්ෂා සමාජයේ න්‍යායාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විරාජ් සූරියබණ්ඩාර මහාතා ද ඡායාරූපවල සිටී.

එම සංවිධානයේ නිර්මාතෘ අනුරුද්ධ මුතුගම මහතා පිළිගැනීමේ කතාව කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment