සම්බාහනයේදී විදෙස් කතට අතවර කළ පුද්ගලයා ගැන පුළුල් පරීක්‍ෂණ

79

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකින් සේවය ලබා ගැනීමට පැමිණි විදේශීය රටක කාන්තාවක් අතවරයකට ලක් වූ බවට පොළොන්නරුව සංචාරක පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.

එම ආයුර්වේද මධ්‍යස්ථානයේ පුද්ගලයකු අතින් ඉකුත් අටවන දා මෙසේ අතවරයකට ලක්වූ කියන කාන්තාව එංගලන්තයේ පදිංචි හැට දෙහැවිරිදි කතක් බව එම ප්‍රකාශකයා පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කරයි.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment