සමාජ ආරක්‍ෂණ බද්ද ඉදිකිරීම් ගෑස් ඉන්ධනවලට නෑ

118

විදුලි බිල්පත මත පැනවූ සමාජ ආරක්‍ෂණ බද්ද සංචාරක හෝටල් පමණක් නොව ඉදිකිරීම්, ගෑස්, ඉන්ධන ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට අයත් වන්නේ නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

සමාජ ආරක්‍ෂණ බද්ද විදුලිබල මණ්ඩලය යටතේ පවතින ආයතනවලින් අයකර ගන්නා ලෙස සඳහන්ව ඇති නිසා විදුලිබල මණ්ඩලය මගින් එම ආයතන යටතේ විදුලිබිල ගෙවන ආයතනවලින් අයකර ගන්නා බවද ඒ මහතා කීය.

මෙම බද්ද සියලුම ආයතනවලින් එක හා සමානව අයකර ගත යුතු නිසා විදුලි බල මණ්ඩලය විසින් සමාජ ආරක්‍ෂණ බද්දට අදාළ සියයට දෙකයි දශම පහ විදුලි පෞද්ගලික සමාගම යටතේ පවතින ස්ථානවලින් එම ආයතනය අයකරගෙන රජයට ගෙවිය යුතු බවද රත්නායක මහතා කීය. රජය මගින් සමාජ ආරක්‍ෂණ බද්ද ඔක්තෝබර් 01 වැනිදා සිට අයකර ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා මහජන උපයෝගිතා කොමිසමද එම බද්ද ඔක්තෝබර් 01 වැනිදා සිට අයකර ගන්නා බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment