සාමකාමී ජන අරගලය ක්‍රියාත්මක වුණේ ජනතාවට කරන්නට කිසිම දෙයක් නැති වූ නිසා – ඕමල්පේ සෝභිත නාහිමි

116

නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, දාමරික ත්‍රස්ත ක්‍රියා කිසි කලෙක අනුමත නොකරන බවත්, සාමකාමී ජන අරගලය ක්‍රියාත්මක වූයේ ජනතාවට කරන්න කිසිම දෙයක් නැති වූ නිසා බවත් දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනා පිළිබඳව පසුගිය සිකුරාදා (05 දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී ය. නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, දාමරික ත්‍රස්ත ක්‍රියා තමන් කිසි කලෙක අනුමත නොකරන බවත්, නමුත් සාමකාමීව ජන අරගල, උද්ඝෝෂණ ක්‍රියාත්මක වූයේ මිනිසුන්ට කරන්නට කිසිම දෙයක් නැති වූ නිසා බවත් පැවසූ උන්වහන්සේ සර්ව පාක්‍ෂික ස්ථාවරත්වයක් සාදා ගැනීම සඳහා ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සාමකාමී වැඩපිළිවෙළට එක්වීමට තමන් සූදානම් බවත් කියා සිටියහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment