සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයෙන් හදවත් කකියයි

160

හදවත් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ කෘතිම කපාට සහ මැහුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය දැඩි ලෙස හිඟ වීමෙන් හදවත් සැත්කම්වලට ලක්කිරීමට සිටින රෝගීහු විශාල ලෙස අසරණව සිටිති.

දැනට රෝහලේ තිබෙන කෘතිම කපාට සහ මැහුම් උපකරණද කල් ඉකුත්ව තිබෙන බව විශේෂඥ වෛiවරුන් රෝහල් පරිපාලනයට දැනුම්දී ඇතත් මෙතෙක් විසඳුමක් ලැබී නැත. මේ හේතුවෙන් හදවත් සැත්කම් සිදු කිරීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය භාවිත කිරීමට තමන්ට සිදුව ඇතැයි විශේෂඥ වෛiවරු සඳහන් කරති. පවතින සියලු අග හිඟකම් පිළිබඳව රෝහල් පරිපාලනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කළද වගකිවයුත්තන් නිහඬව සිටින බව ඔවුහු කියා සිටිති. ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් මේ වනවිට ඖෂධ හා භාණ්ඩවල හිඟය හෘද සැත්කම් ඒකකයේ හෙද නිලධාරීන් පිට පැටවීමට බලධාරීන් පියවර ගෙන ඇත. අදාළ ඖෂධ හා උපකරණ ලබාදීම ඖෂධ සංස්ථාවේ වගකීම වුවද බටහිර රටවල සිටින වෛiවරුන් හා ශ්‍රී ලාංකික සංගම්වලින් ඉල්ලීම් කර පවතින අඩුපාඩු සපුරා ගැනීමට විශේෂඥ වෛiවරුන්ට සිදුව තිබේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment