සිකුරාදාට පසු උ.පෙළ ටියුෂන් තහනම්

38

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු ලබන සිකුරාදා (29 දා) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයුන්දර මහතා පවසයි.

විභාගයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ නවතා දමා ජනවාරි 04 දා සිට විභාගය පැවැත්වීමට සියලු දෙනාගේ සහාය ලබාදෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

විභාගය පැවැත්වීමට අදාළ සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවත් විභාගය ආරම්භ වීමට පෙර පාසල්වල ඩෙංගු මර්දන කටයුතු සිදුකිරීම සඳහා කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන් ඇතුළු අදාළ අංශවලින් ඉල්ලීම් කර තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment