‘හලෝ’ සැකේ දුරදිග ගොස් බිරිඳ තියුණු ආයුධයකින් කැපූ එජාප අපේක්ෂකයා අතුරුදන්!

491

මීරිගම ප්‍රාදේශීය සභාවට මෙවර එජාප අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින අයෙක් විසින් තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව සැකකාර අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව නුංගමුව පොලිසිය පවසයි.

වෛද්‍යවරියක වූ සිය බිරිය තියුණු අවියකින් බරපතළ කැපුම් තුවාලවලට ලක්කළ බව කියන සැකකාර එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන අපේක්‍ෂකයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. පසුගියදා වේයන්ගොඩ ප්‍රදේශයේ දී මෙම වෛද්‍යවරිය සැමියාගේ ප්‍රහාරයට ලක්වී ඇති අතර පසුව ඇය රෝහලකට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

එසේ මූලික ප්‍රතිකාර ලබා පිටව ගිය වෛද්‍යවරිය මේ වනවිට රාගම රෝහලට ඇතුළත් වීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් මත මෙම සිද්ධිය සිදු වී ඇති බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි. වෛද්‍යවරියගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නුංගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment