හාලිඇළදී මෝටර් රථයක් මාර ගසක හැපී අයෙක් මරුට – 4කට බරපතළ තුවාල

517

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේ ගණදෙවි කෝවිල ආසන්නයේදී මෝටර් රථයක් අද (02) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීමෙන් ඒක් පුද්ගලයෙකු මියගොස් තවත් හතර දෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට බදුල්ල නගරයේ දේවස්ථානයකට ගමන් කරමින් සිටි වයස අවුරුදු පනස් දෙකක පමණ පුද්ගලයෙකි.

ඇල්ල නගරයේ සිට බදුල්ලේ දේවස්ථානයක් වෙත මෝටර් රථයකින් යමින් සිටියදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීම නිසා මෙම අනතුර සිදුවී තිබේ. මෙම අනතුරට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමත. හාලිඇල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

advertistmentadvertistment
advertistmentadvertistment