හොරෙන් මසුන් මරද්දී ඇල්ලූ ඉන්දීය අධිවේගී ට්‍රෝලර් 4 ක් උතුරේ ධීවර සංගම්වලට දෙයි

102

නීති විරෝධී ලෙස උතුරේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි ඉන්දීය අධිවේගී ට්‍රෝලර් යාත්‍රා හතරක් රජය මගින් උතුරේ ධීවර සංගම්වලට ලබාදී ඇත.

තමිල්නාඩු ධීවර අමාත්‍ය එස්. මුරුගන් යාපනයට පැමිණි අවස්ථාවේ මෙය සිදුවී තිබේ. එම ධීවර ට්‍රෝලර් යාත්‍රා තමිල්නාඩු ව්‍යාපාරිකයන්ට අයත් වූ අතර එම යාත්‍රා ආපසු ලබා ගැනීමට ඔවුන් දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇත. මුලතිව්, පේදුරුතුඩුව, අරියාලෙයි සහ ගුරුනගර් යන ධීවර සංගම්වලට එම ට්‍රෝලර් ප්‍රදානය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment