14 හැවිරිදි දැරිය ගණිකා සේවයේ යෙදවූ 64 හැවිරිදි හෝටල් කළමනාකරුට අත්හිටවූ සිරදඬුවම්

632

වයස අවුරුදු 14 ක් වූ බාල වයස්කාර දැරියක කූට්ටනය කිරීම එනම් ඇය ලිංගික ක්‍රියා සඳහා ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරද පිළිගත් වයස අවුරුදු 64 ක හෝටල් කළමනාකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (4 දා) වසර පහකට අත්හිටවූ එක වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

වින්දිත කාන්තාවට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් 25,000 ක දඩයක් ද නියම කළේය.

වැඩිහිටියකු ලෙස විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් විශේෂයෙන් එම තැනැත්තිය බාල වයස්කාරියක බව දැන දැනම එලෙස සිදුකිරීම ඉතා වැරදි සහගත බවත් විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේදී පැවසීය. කෙසේ නමුත් සිදුවූ වරද පිළිගෙන වින්දිත දැරියට ප්‍රමාණවත් වන්දියක් ගෙවීමට එකඟවීම නිසා සිය අධිකරණය එලෙස අත්හිටවූ සිරදඬුවම් නියම කරන බව ද පෙන්වා දුන් විනිසුරු නවරත්න මාරසිංහ මහතා දඩ හා වන්දි ගෙවීම සඳහා එම නඩුව ලබන 7 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment