2024 වැඩ පටන්ගන්න සුබ නැකත් මෙන්න

10010

ජනවාරි 22 වන සදු දින මු`ඵ දවසම ශුභයි මුවසිරස නැකත පවති. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ගෙවැදීම, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ආදියට ශුභයි.

නව වසරේ ඔබ නොයෙක් කටයුතු සඳහා මේ වනවිටත් සැලසුම් කොට ඇත. කුඩා බිළිඳාට ඉඳුල්කටගෑමේ සිට විවාහය දක්වා කාර්යන් ඒ අතර ඇත. එම කාර්යයන් සඳහා කුමන දිනයක් සුදුසුද යන්න පිළිබඳව මේ වන විටත් කල්පනා කරමින් සිටිනවා වන්නට පිළිවන. අප බොහෝ දෙනෙක් යහපත් කාර්යයන් ආරම්භ කරන විට එය තමාට ගැළපෙන ශුභ දිනයක, ශුභ වේලවාක, ශුභ දිශාවක් බලා ආරම්භ කිරීමට අතීතයේ සිට පුරුදුව සිටිති. එම මොහොතට අප මුහුර්ථය, නැකත යන නම් භාවිතා කරයි.

ජ්‍යොතිෂයට අනුව නැකත් නැත්නම් මුහුර්ථයක් සඳහා සම්පූර්ණ විය යුතු කරුණු ගණනාවකි. ප්‍රථමයෙන් මුහුර්ථයට යොදා ගන්නා මොහොතේ පවතින නැකත (එදින සඳු සිටි නැකත) අදාළ ජන්මියාට සීහෙන නැකතක් විය යුතුය. එම මොහොත උදාවන විට දිනය, තිථිය, යෝගය, කරණය, ශුභ ආකාරයෙන් පැවතිය යුතුය. ජ්‍යොතිෂයේදී පංචාංග ශුද්ධිය ලෙස හඳුන්වන්නේ මෙම කරුණු 5 සම්පූර්ණ වීමයි.

2024 වැඩ පටන්ගන්න සුබ නැකත් මෙන්න

ශුභ මුහුර්ථයක් සඳහා සම්පූර්ණ විය යුතු කරුණු 37 ක් පිළිබඳව පැරණි ග්‍රන්ථවල සඳහන් ය. එම සඳහන් කරුණු අතර වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ වන 2024 වර්ෂයේ දිනයන් මෙහි දක්වා ඇත. මෙහිදී අශුභ දිනයන් ලෙස සැලකෙන කුජ, ශනි, රවි දිනයන් ද, අව පක්ෂයේ දිනයන් ද සඳහන් කර ඇති අතර සකසන මුහුර්ථය අනුව දිනය තෝරාගත යුතුය. එමෙන්ම වසර පුරා යෙදෙන කේවල සිද්ධි යෝගය සහිත දින මෙහි දක්වා ඇත.

පංචාංගය ශුභ වුවද එකී දිනයේ චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, ග්‍රහ යුද්ධය ආදිය පවතී නම් එයද සඳහන් කර ඇත. ග්‍රහ යුද්ධ පවතින අතර එකී ග්‍රහ යුද්ධයට සම්බන්ධ වී පරාජය ලබන ග්‍රහයාට අදාළ කාරකත්ව සහිත කාරණයකට මුහුර්ථයක් සකස් කරන්නේ නම් එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් උදා ලෙස 2024 අගෝස්තු 8 දින ශුභ දිනයකි. එහෙත් බුධ – ශක්‍ර ග්‍රහයන් අතර යුද්ධයක් පවතින අතර ඉන් බුධ පරාජයට පත්වේ. එදින බුධගේ කාරකත්වය හිමිවන කටයුත්තකට මුහුර්ථයක් සකස් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකිය.

මෙකී සඳහන් දිනවල ඔබගේ කාර්යය සැලසුම් කර ගැනීමට පහසු වන අතර ඔබගේ උපතේදී දශාව අනුව එම දිනයේ ශුභ අශුභතාව පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. ඔබට සුදුසු දිනයක් තෝරා ඔබගේ කාර්යය සැලසුම් කර එදින කාර්යය ආරම්භ කිරීම සඳහා සුදුසුම ශුභ මොහොත සොයා ගැනීමටත්, දිශාව තීරණය කර ගැනීමටත් පලපුරුදු ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබා ගන්න.

ජනවාරි මාසය

01 වන සඳු දින පෙ.ව. 8.38 සිට ප.ව. 2.31 දක්වා ශුභයි. පුවපල් නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු, යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, සතුරන් පරාජය කිරීමට, ණය ගනුදෙනු ආදියට ශුභයි.

උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට ශුභයි.

03 වන බුධ දින පෙ.ව. 6.32 සිට ප.ව. 7.48 දක්වා ශුභයි. ප.ව. 2.46 දක්වා උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, කන්විඳීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කරගත හැකිය. පසුව හත නැකත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, රථවාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන්විඳීම, ශාස්ත්‍රීය කටයුතු, ගිවිසුම් ආදිය සඳහා ශුභයි.

08 වන සදු දින පෙ.ව. 7.16 සිට ශුභයි. අනුර නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු ආදියට ශුභයි.

12 වන කිවි දින පෙ.ව. 3.58 සිට ප.ව. 2.05 දක්වා ශුභයි. උත්‍රසල නැකත පවති. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, කිවි, යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහය, ඉඳුල්කටගෑම, කන් විඳීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට ශුභයි.

13 වන ශනි දින පෙ.ව. 10.15 ට පසු ශුභයි. සුවන හා දෙනට නැකත් පවතී. සඳු, කුජ, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙදකම ආදියට ශුභයි. (මහාපාත – වෛධෘති 4.07)

14 වන රවි දින පෙ.ව. 6.24 දක්වා ශුභයි දෙනට නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, නිවාස කටයුතු, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදියට ශුභයි.

15 වන සඳු දින පෙ.ව. 5.01 සිට පෙ.ව. 8.09 දක්වා ශුභයි. සියාවස නැකත පවතී. රවි, කුජ, ගුරු, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, ශාසනික කටයුතු, වෙදකම, ගිවිසුම් ආදියට ශුභයි. (සූර්ය සංක්‍රාන්ති දිනයකි)

21 වන රවි දින පෙ.ව. 3.11 සිට පෙ.ව. 7.26 දක්වා ශුභයි රෙහෙන නැකත යෙදේ. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

22 වන සඳු දින මුළු දවසම ශුභයි මුවසිරස නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ගෙවැදීම, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ආදියට ශුභයි.

23 වන කුජ දින පෙ.ව. 5.00 සිට ප.ව. 8.06 දක්වා ශුභයි. අද නැකත පවති. රවි, කුජ, ගුරු, ශනි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, නඩු කටයුතු ආදියට මුහුර්ථ සකස් කළ හැකිය.

25 වන ගුරු දින පෙ.ව. 8.18 සිට ශුභයි. පුෂ නැකත සමඟ කේවල සිද්ධි යෝගය පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, නිවාස, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට මුහුර්ථ සකස් කළ හැකිය.

27 වන ශනි දින මු`ඵ දවසම ශුභයි. අස්ලිස මා නැකත් පවතී. බුධ, කිවි, කේතු යන විම්ශොත්තරී දශා වලින් උපන් අයට ගොවිබිම් කටයුතු ආදියට ශුභයි. (බුධ – කුජ යුද්ධය – බුධට ජයයි) (මහාපාත – ව්‍යතිපාත 5.54)

31 වන බුධ දින පෙ.ව. 11.36 දක්වා ශුභයි හත නැකත පවති. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, රථවාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ගිවිසුම් ආදිය සඳහා ශුභයි.

03 වන ශනි දින සවස 12.48 සිට සවස 5.17 දක්වා ශුභයි. විසා නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි, ශනි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, ශාසනික කටයුතු ආදියට ශුභයි.

06 වන කුජ දින පෙ.ව. 8.48 ට පසුව ශුභයි මුල නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, ශාසනික කටයුතු ආදිය සඳහා ශුභයි.

07 වන බුධ දින පෙ.ව. 6.09 දක්වා ශුභයි මුල නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු ආදිය සඳහා ශුභයි.

08 වන ගුරු දින පෙ.ව. 2.52 සිට පෙ.ව. 11.15 දක්වා ශුභයි. උත්‍රසල නැකත පවති. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, ශාසනික වෙළෙඳාම, වෙදකම, රථවාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදිය සඳහා ශුභයි.

11 වන රවි දින ප.ව. 5.42 ට පසුව ශුභයි පුවපුටුප නැකත පවතී. රවි, බුධ, ගුරු, කිවි, ශනි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට රසායනික කටයුතු, ගොවිතැන් කටයුතුවලට නැකත් සාදාගත හැකිය.

12 වන සඳු දින සවස 3.01 සිට සවස 5.50 දක්වා ශුභයි. උත්‍රපුටුප නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, වෙදකම, රථ වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විඳීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම, ගොවිතැන් කටයුතු ආදියට ශුභයි.

15 වන ගුරු දින පෙ.ව. 10.18 න් පසුව ශුභයි බෙරණ නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, තරග විභාග, සතුරන් පැරදවීම ආදියට ශුභයි.

17 වන ශනි දින පෙ.ව. 8.49 ට පසුව ශුභයි. රෙහෙන නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙදකම, ගොවිතැන් කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

19 වන සඳු දින පෙ.ව. 8.53 දක්වා ශුභයි මුවසිරස නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු, යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට ශුභයි.

20 වන කුජ දින ප.ව. 9.59 ට පසුව ශුභයි අද නැකත පවතින කාලයේ රවි, කුජ, ගුරු, ශනි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, නඩුහබ ආදියට ද 12.16 න් පසුව පුනාවස නැකත පවතින කාලයේදී සඳු, බුධ, ගුරු, කිවි, ශනි, රාහු මහ දශා වලින් උපන් අයට භූමිය සම්බන්ධ කටයුතු, ගොවිතැන්, ණය ගනුදෙනු, නඩුහබ ආදියට මුහුර්ථ සකස් කරගත හැකිය.

21 වන බුධ දින මුළු දවසම ශුභයි පුනාවස හා පුෂ නැකත පවතී. බුධ, ගුරු, ශනි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, වෙදකම, ගිවිසුම් අත්සන් කිරීම ආදියට ශුභයි.

22 වන ගුරු දින මුළු දවස පුරාම ශුභයි ගුරුදා පුෂ නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. සඳු, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, වෙහෙර විහාරස්ථාන කටයුතු ආදියට මුහුර්ථ සකස් කරගත හැක. (සිකුරු – කුජ යුද්ධය – සිකුරුට ජයයි)

පෙබරවාරි මාසය

24 වන ශනි දින සවස 1.36 සිට රාත්‍රී 10.22 දක්වා ශුභයි. මා නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි, කේතු යන විම්ශෝත්තරී දශා වලින් උපන් අයට ගොවිතැන් කටයුතු ආදියට ශුභයි. (බුධ – කුජ යුද්ධය – බුධට ජයයි)

25 වන රවි දින ප.ව. 2.29 දක්වා ශුභයි පුවපල් නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, සතුරන් පැරදවීම, ණය ගනුදෙනු ආදියට ශුභයි. (මහාපාත – ව්‍යාතිපාත – 9.24)

26 වන සඳු දින පෙ.ව. 3.27 දක්වා ශුභයි උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු කටයුතු, රැකියා කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

27 වන කුජ දින පෙ.ව. 12.36 දක්වා ශුභයි හත නැකත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, ගිවිසුම් ආදියට ශුභයි.

29 වන ගුරු දින ප.ව. 5.54 දක්වා ශුභයි සිත හා සා නැකත් නැකත පවතී. කුජ, ගුරු, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ කටයුතු, ඉඳුල්කටගෑම ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

4 වන සඳු දින පෙ.ව. 8.48 දක්වා ශුභයි දෙට නැකත පවතී. බුධ, කිවි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු ආදියට ශුභයි.

6 වන බුධ දින පෙ.ව. 11.30 සිට ප.ව. 2.48 දක්වා ශුභයි. පුවසල නැකත පවතී. රවි, සඳු, රාහු, ශනි, කිවි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, ණය ගනුදෙනු, බැංකු කටයුතු, තරග විභාග, සතුරන් මර්දනය ආදියට ශුභයි.

7 වන ගුරු දින පෙ.ව. 8.23 දක්වා ශුභයි උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, විවාහ කටයුතු, නිවාස කටයුතු, රැකියා කටයුතු ආදිය සඳහා ශුභයි.

8 වන කිවි දින පෙ.ව. 10.40 සිට රාත්‍රි 9.57 දක්වා ශුභයි. දෙනට නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වෙදකම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, නිවාස කටයුතු, රැකියා කටයුතු ආදිය සඳහා ශුභයි. (බුධ – නැප්චූන් යුද්ධය – නෙප්චූන් ට ජයය)

11 වන සඳු දින අළුයම 1.57 ට පසුව ශුභයි උත්‍රපුටුප නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු කටයුතු, රැකියා කටයුතු, විවාහ කටයුතු ආදිය සඳහා ශුභයි.

12 වන කුජ දින දවස පුරාම ශුභයි රේවතී නැකත පවතී. සඳු, බුධ, කිවි, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

16 වන ශනි දින ප.ව. 4.12 දක්වා ශුභයි රෙහෙන නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. රවි, සඳු, කුජ, ශනි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ශාසනික කටයුතු, ගොවිතැන් කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

17 වන රවි දින ප.ව. 9.45 සිට ප.ව. 4.53 දක්වා ශුභයි. මුවසිරස නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

මාර්තු මාසය

20 වන බුධ දින ප.ව. 1.12 දක්වා ශුභයි. පුෂ නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු කටයුතු,

රැකියා කටයුතු, ගිවිසුම් ආදිය සඳහා ශුභයි.

1 වන ගුරු දින ප.ව. 5.44 දක්වා ශුභයි අස්ලිස නැකත පවතී. සඳු, බුධ, කිවි, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, සතුරන් පැරදවීම වැනි කටයුතු සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

22 වන කිවි දින අළුයම 4.46 සිට ශුභයි. මා නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි, කේතු යන විම්ශොත්තරී දශා වලින් උපන් අයට ගොවිතැන් කටයුතු ආදියට ශුභයි. (කිවි – ශනි යුද්ධය – කිවිට ජයයි)

25 වන සඳු දින පෙ.ව. 10.35 දක්වා ශුභයි උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, නිවාස කටයුතු, රැකියා කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය. (ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන දිනයකි) (මහාපාත – ව්‍යතිපාත – 16.32)

26 වන කුජ දින ප.ව. 1.33 දක්වා ශුභයි. හත නැකත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වගා කටයුතු, ශාසනික කටයුතු ආදිය සඳහා ශුභයි.

28 වන ගුරු දින ප.ව. 6.56 සිට රාත්‍රී 11.12 දක්වා ශුභයි. විසා නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි, ශනි, රාහු, යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, ශාස්ත්‍රිය කටයුතු, බැංකු කටයුතු ආදිය සඳහා ශුභයි.

30 වන ශනි දින රාත්‍රී 9.12 දක්වා ශුභයි. අනුර නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ශාසනික කටයුතු, ගොවිතැන් කටයුතු, ආදිය සඳහා ශුභයි.

4 වන ගුරු දින ප.ව. 4.11 සිට ශුභයි. සුවන නැකත පවතී. රවි, චන්ද්‍ර, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ගිවිසුම් කටයුතු ආදිය සඳහා ශුභයි.

5 වන කිවි දින දවස පුරාම ශුභයි. දෙනට නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, නිවාස කටයුතු, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ගිවිසුම් කටයුතු ආදිය සඳහා ශුභයි.

6 වන ශනි දින ප.ව. 3.39 දක්වා ශුභයි. සියාවස නැකත පවතී. රවි, කුජ, ගුරු, ශනි, රාහු, කේතු යන විම්ශොත්තරී දශාවලින් උපන් අගයට ගොවිතැන් කටයුතු, වෙදකම, ශාසනික කටයුතු, සතුන් පිළිබඳ කටයුතු ආදියට ශුභයි.

7 වන රවි දින පෙ.ව. 6.55 දක්වා ශුභයි. පුවපුටුප නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි, ශනි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන්, රසායනික කටයුතුවලට නැකත් සාදාගත හැකිය.

9 වන කුජ දින පෙ.ව. 7.34 සිට ශුභයි. අස්විද නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. රවි, බුධ, කිවි, ගුරු, කුජ, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, ශාසනික කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

12 වන කිවි දින ප.ව. 1.19 න් පසුව ශුභයි. රෙහෙන නැකත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළෙඳාම, ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන, නිවාස, විවාහ කටයුතු, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රිය කටයුතු, ආදිය සඳහා ශුභයි.

2024 වැඩ පටන්ගන්න සුබ නැකත් මෙන්න

ජානක මල්ලිකාරච්චි
(ජ්‍යොතීර් විද්‍යා, කැළණිය විශ්වවිද්‍යාලය)
077 7814 390
රජයේ පිළිගත් කොළඹ ජිනරතන කාර්මික විද්‍යාලයේ ජ්‍යොතිෂ පාඨමාලාවේ උපදේශක, දිවයිනේ ජනප්‍රිය ජ්‍යොතිෂ පාඨමාලා සංවිධායක,

advertistmentadvertistment
advertistmentadvertistment